මහනුවර වැව වටා පදික මංතිරුව වැඩිදියුණු කිරීම
මහනුවර වැව රවුම් ගමන් මාර්ගය වැඩි දියුණු කිරීම නාගරික උත්ශ්රේණිකරණ සංරචකය යටතේ එන SCDP ව්‍යාපෘතියේ එක් ක්‍රියාකාරකමකි. එහි සාංකල්පනික සැලැස්මේ ආරම්භක අදියරේදී මේ උප ව්‍යාපෘතිය උතුරු වැව රවුම සහ දකුණු වැව රවුම වශයෙන් පැකේජ දෙකකට බෙදන ලදී. කෙසේ වුව ද, මේ ස්ථානයේ ම ක්‍රියාත්මක කළ යුතුව ඇති මහනුවර මළාපවහන කළමනාකරණ ව්‍යාපෘතියේ මැදිහත්වීම සැලකිල්ලට ගෙන මෙය පැකේජ දෙකක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
I වැනි පැකේජය Y හන්දියේ සිට උල්පැන් ගෙය ( Queens’ Bath ) (දම්වැල් 0.00 සිට 2 + 789) දක්වා ආරම්භ වන අතර එහි මුළු දිග 2.789 කි. ව්‍යාපෘතියේ II වැනි අදියරේ (දම්වැල් 2+789 සිට 3+187 දක්වා) මුළු දිග ප්‍රමාණය උල්පැන් ගෙයි සිට Y හන්දිය දක්වා 0.399 කි.